ප්‍රශ්නාර්ථ වැකියක අවසානයට か යොදයි. ප්‍රශ්නාර්ථ වැකියට අදාල පිළිතුරු වැකියේ මුලට はい යොදයි.
A: あなたは ジョンさんですか。
ඔබ ජෝන් ද?
B: はい、わたしは ジョンです。
ඔව්, මම ජෝන්.
පුද්ගල නාම වලට පිටුපසින් ගෞරවාර්ථ යෙදුමක් ලෙසින් さん යොදයි. එහෙත් තමන්ගේ නමට පිටුපසින් යොදන්නේ නැත.
せんせい යන වචනය, "ගුරුහරුකම් ලබා දෙන්නා" යන අර්ථයෙන් යුතු නිසා පෙර පාසල්, ප්‍රාථමික පාසල් හි ගුරුවරයාගේ සිට විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා දක්වා පුළුල්ව භාවිත කල හැක. ගුරුවරයෙකු හට ~さん කියා නොඅමතන බව සලකන්න.