ところ(ස්ථානයක්), もの(වස්තුවක්), こと (දෙයක්) යනාදි, දල වශයෙන් යමක් අර්ථවත් කරනු ලබන නාමපදයන්හි පෙරට どんな යන පදය යොදා විමසනු ලබන ගැටළු සඳහා පිළිතුරු දිය හැකි විධි දෙකකි.
1. නාමවිශේෂණ පද භාවිතයෙන්.
2. නිශ්චිත අර්ථයකින් යුතු නාමපද භාවිතයෙන්.
A: なつやすみに どんな ところへ いきますか。
A: ගිම්හාන නිවාඩුවට මොනවගේ තැනකටද යන්නේ?
B: ①すずしい ところへ いきます。
B: 1. සිසිල් තැනකට යනවා.
B: ②うみや 山へ いきます。
B: 2. මුහුද හා කඳු වෙත යනවා.
Lesson 2-8「ふじさんは どんな 山ですか。」
ෆුජි සන් මොනවගේ කන්දක්ද?