~を මඟින් යම් ස්ථානයක් පසුකර යෑම හඟවයි. ස්ථානය ලෙස පසුකර යන ස්ථාන නාමයත්, ක්‍රියාපද ලෙස ගමන් කිරීම හඟවන ක්‍රියාපද වන 歩く (පයින් යාම), 走る (දිවීම ), とぶ (පියෑඹීම), 通る (පසු කිරීම), 散歩する (ඇවිදීම), 渡る (මාරුවීම), 上る (නැගීම), 下りる (බැසීම), 曲がる (හැරීම), 回る (කැරකීම), 流れる (ගැලීම) යනාදිය භාවිත කරනු ලබයි. මෙහිදී භාවිත කරන ක්‍රියාපද අකර්මක ක්‍රියාපද වුවත්, ඒවා පිටුපසට යෙදෙන්නේ を නිපාතය බව සලකන්න.
歩道を 歩いて ください。
කරුණාකර පදික වේදිකාවෙන් ගමන් කරන්න.
鳥は 空を とぶ ことが できます。
කුරුල්ලන්ට අහසේ පියාසර කිරීමට හැකිය.
この 川は せまい 谷を 流れて います。
මේ ගඟ පටු නිම්නයක් අතරින් ගලා යනවා.
Lesson 11-2「わたしは 九時ごろ 家を 出ます。」
මම නවයට පමණ නිවසින් පිටත් වෙනවා.