これ,それ,あれ යන සර්වනාම පද වාක්‍යයක කර්තෘපදය ලෙස භාවිතා වීම.
これ යනු කථිකයාට ආසන්නව ඇති වස්තූන් හඟවන සර්වනාම පදයකි. それ යනු අසන්නාට ආසන්නව ඇති වස්තූන් හඟවන සර්වනාම පදයකි. あれ යනු කථිකයාටත් අසන්නාටත් ඈතින් ඇති වස්තූන් හඟවන සර්වනාම පදයකි.
これは ほんです。
මේක පොතකි.
それは にほんの とけいです。
ඕක ජපානයේ ඔරලෝසුවකි.
あれは バスです。
අරක බසයකි.