V1dic.時、V2 මඟින් යම් ක්‍රියාවක් ආරම්භ කිරීමට පෙර මොහොත පෙන්වා දේ. ක්‍රියා හෝ සිදුවීම්හි පිළිවෙල ලෙස V2 පෙරටත්, V1 පසුවටත් යෙදෙන බව සලකන්න.
ビザを とる時、大使館に 行かなければ なりません。
වීසා ලබාගන්නා විට, තානාපති කාර්යාලයට යා යුතුය.
駅を 出る時、駅員に きっぷを わたします。
දුම්රිය ස්ථානයෙන් පිටවන විට, දුම්රිය සේවකයා හට ප්‍රවේශපත භාරදිය යුතුය.
よる、人と 会った時、「こんばんは。」と あいさつを します。
රාත්‍රියේදි කෙනෙක් හමුවූ විට, "කොංබංවා" යනුවෙන් ආචාර කරයි.
උප වාක්‍යයේ කර්තෘපදයට පිටුපසින් が නිපාතය යෙදෙනමුත්, は නිපාතය නොයෙදෙන බව සලකන්න.
わたしが 入院する時、母は とても 心配しました。
මම රෝහල් ගතවන විට, අම්මා ඉතා බිය වූවාය.
わたしが 元気に なった時、母は 安心しました。
මම සුවපත් වූ විට, අම්මා සැනසුනාය.