ක්රියාපදයෙන් කියැවෙන අන්තර්ගතය මාතෘකාව ලෙස යොදා ගැනීමේදි, ක්‍රියාපදයේ සාමාන්‍ය ස්වරූපයට の එකතු කරනු ලබයි. එසේම මුල් ස්වරූපයන් හා ない ස්වරූපයන්ද නිතර භාවිත වේ. මෙහිදී たいへん (දුෂ්කරයි), きけん (අනතුරුදායකයි), ざんねん (කණගාටුදායකයි), たのしい (විනෝදජනකයි) යනාදි විනිශ්චය හා ඇගයීම හඟවන පද වාක්‍ය අවසානයට යෙදේ.
毎日じゅぎょうの予習をするのは大変です。
දිනපතා පාඩම් වලට සූදානම් වීම දුෂ්කරයි.
りょこうに行けないのはざんねんです。
සංචාරයට යාමට බැරිවීම ගැන කණගාටුදායකයි.
Lesson 19-8「兄が本を買ったのはしぶやです。」
අයියා පොත මිලදී ගත්තේ ශිබුයාහිදීය.