මෙය ඉහත වාක්ය රටාව හා සමාන වන අතර මෙහිදී තම සිරුරේ කොටසකට දැනෙන්නා වූ දෙයක් පිළිබඳව ප්රකාශ කරයි. අසනීප අවස්ථා වලදී භාවිතා කරන යෙදුමක් වන මෙය, ඉහත වාක්ය රටාව හා සමාන පරිදි "N1の N2は ~ " යන්න හා මාරු කොට භාවිත කල නොහැක. එනම්, わたしは 頭が いたいです යන්න わたしの 頭は いたいです යන ලෙසට මාරු කොට භාවිත කිරීම නිවැරදි නොවේ.
කර්තෘපදය තුන්වන පාර්ශවයක් වන විටදී, Aさんは Nが ~と 言っています යන ලෙසට භාවිත කරයි.
わたしは 頭が いたいです。
මගේ හිස කැක්කුමයි.
わたしは 手足が だるいです。
මගේ අත් පා මලානික වී ඇත.
わたしは 気持ちが いいです。
මට සුවයක් දැනෙනවා.