XがViます යන අකර්මක වාක්‍යය කර්මකාරක වාක්‍යයක් බවට පත් කල විට, Y, Xට අනුව කරදරයට ලක්වන බව අර්ථවත් කෙරේ. මෙහිදි නිතර භාවිත වන අකර්මක ක්‍රියාපද ලෙස 降る (වහිනවා), 入院する (රෝහලට ඇතුලත් කරනවා), 死ぬ (මැරෙනවා), 泣く (අඬනවා ) යනාදිය දැක්විය හැක.
わたしたちは雨に ふられました。← 雨がふりました。
අපි වැස්සට අසුවුනා. ← වැස්ස වැස්සා.
わたしは父に 死なれました。
මම තාත්තාගේ අන්ත්‍රා වීමෙන් ශෝකයට පත්වුනා.