できます තුලින් භාෂා, ක්රීඩා, රිය පැදවීම හා සූපවේදය යනාදි, යමක් සම්බන්ධයෙන් වූ නිපුණත්වය හා එය කිරීමට ඇති හැකියාව අර්ථවත් කරයි. わかります තුලින් අවබෝධ කරගැනීමේ ශක්තිය හා දැනුම විදහා පායි.
ジョンさんは 中国語が できます。
ජොන් සන්ට චීන භාෂාව පුළුවනි.
いもうとは スキーが できます。
නංගිට ස්කී ක්රීඩාව පුළුවනි.
ジョンさんは 中国語が わかります。
ජොන් සන්ට චීන භාෂාව තේරෙනවා.
わたしは この 字の よみ方が わかりません。
මම මේ අකුර කියවීමට දන්නේ නැහැ.