මෙමඟින් එහා මෙහා යන අතරතුරදී, යමක් සිදුකරන බව හෝ යමක් සිදුවන බව පෙන්වා දේ. 行く යන්නට අමතරව 来る, 帰る යනාදි ක්‍රියාපද ද මෙහිදී භාවිත වේ.
එසේම, තනි වාක්‍යයකින් ප්‍රකාශ කරන විට, 途中で යන්නට ඉදිරියෙන් යෙදී ඇති යාම් ඒම් හඟවන ක්‍රියාපදය එහි මුල් ස්වරූපයෙන් තිබිය යුතුය.
පාසලට යන අතරමඟදී අනතුරකට මුහුණ පෑවා.
මෙහිදී භාවිත වන ක්‍රියා නාමපද වන්නේ 帰国 (සිය රට වෙත නැවත පැමිණීම), 旅行 (සංචාරය කිරීම), 散歩 (විනෝදය සඳහා ඇවිදීම) යනාදියයි.
駅へ行きます。その途中で、銀行に寄ります。
දුම්රිය ස්ථානයට යනවා. ඒ අතරමඟදි, බැංකුවට ගොඩවෙනවා.
駅へ行く途中で、銀行に寄ります。
දුම්රිය ස්ථානයට යන අතරමඟදි, බැංකුවට ගොඩවෙනවා.