Lesson 10-7 හි පෙන්වාදුන් から වාක්‍යයක් ඇතුලත භාවිත වුවද, だから යන්න වාක්‍ය දෙකක් අතර භාවිත වේ. මෙහිදී だから යෙදිය යුත්තේ දෙවන වාක්‍යයේ මුලටය.
この かんじは たいせつです。だから、おぼえて ください。
මේ කන්ජි අක්ෂරය වැදගත් වේ. එමනිසා, කරුණාකර මතක තබාගන්න.
この テープは よく ないです。だから、つかわないで ください。
මේ ටේප් එක හොඳ නැහැ. එමනිසා, කරුණාකර භාවිත කරන්න එපා.