මෙහි වාක්‍ය රටාව, සාමාන්‍යයෙන් භාවිත වන N1は N2です වුවත්, මෙහිදී N2 වෙනුවට, ක්‍රියා පදයන් නාමපද ලෙස ගැනෙන V dic.こと යන ස්වරූපය යෙදේ.
わたしの しゅみは きってを あつめる ことです。
මගේ විනෝදාංශය මුද්දර එකතු කිරීමයි.
わたしの きぼうは しんぶん記者に なる ことです。
මගේ බලාපොරොත්තුව පුවත්පත් වාර්තාකරුවෙකු වීමයි.
Lesson 14-1「わたしは しんぶん記者に なりたいです。」
මට පුවත්පත් වාර්තාකරුවෙකු වීමට ඕනා.