ක්‍රියාවන් දෙකකට වඩා සිදුකරන විට, ඒ සෑම ක්‍රියාවක්ම පෙලගස්වා පැවසීම සඳහා ~て ස්වරූපය භාවිත කරනු ලබයි. එසේම සමස්ථ වාක්‍යයේ කාල ස්වරූපය අවසාන ක්‍රියාපදය තුලින් පෙන්වා දේ.
がっこうは 八時半に はじまって、四時に おわります。
පාසල අට හමාරට ආරම්භ වී, හතරට අවසන් වේ.
あしたは 十時ごろ ホテルを でて、かいものを して、駅まで 行きましょう。
හෙට දහයට පමණ හෝටලෙන් පිටත්වී, සාප්පු සවාරි ගොස්, දුම්රිය ස්ථානය වෙත යමු.
いもうとは きょねん ちゅうがっこうを でて、こうとうがっこうに 入りました。
නංගී පසුගිය වසරේ ද්විතියික පාසලෙන් සමත්වී, උසස් පාසලට ඇතුලත් විය.
පහත සඳහන් පරිදි කාලය සම්බන්ධ නොවන වාක්‍ය පෙලගැස්වීමකදී මුල් සහ පසු වාක්‍ය එකිනෙකට මාරුකර පැවසුවද කම්නැත.
一階には 銀行が あって、二階には 本屋が あります。
පළමු මහලේ බැංකුවක් ඇති අතර, දෙවන මහලේ පොත් සාප්පුවක් තිබේ.
二階には 本屋が あって、一階には 銀行が あります。
දෙවන මහලේ පොත් සාප්පුවක් ඇති අතර, පළමු මහලේ බැංකුවක් තිබේ.