යම් කාර්යයක් සිදු කරදීම අර්ථවත් කිරීමේදි, එම කාර්යය て ස්වරූපයෙන් පෙන්වාදී, එයට ලබාදීම/ලබාගැනීම හඟවන ක්‍රියාපද වන あげる, もらう, くれる යනාදිය එකතු කරනු ලබයි. මෙම වාක්‍ය රටාව ලබාදීම/ලබාගැනීම හෙවත් උපකාරයක් කරදීම හෝ වාසියක් හිමිකර ගැනීම අර්ථවත් කිරීම සඳහා භාවිත කරයි.
わたしは友だちに国の料理を作ってあげました。
මම යහළුවාට මගේ රටේ කෑමක් සාදා දුන්නා.
わたしは妹をほめてやりました。
මම නංගිව අගය කලා.
友だちはわたしに写真を見せてくれました。
යහළුවා මා හට පින්තූරයක් පෙන්වා දුන්නා.
先生はわたしに本をかしてくださいました。
ගුරුතුමා මා හට පොතක් ණයට ලබාදුන්නා.
わたしは友だちに写真を見せてもらいました。
මම යහළුවාට කියා පින්තූර පෙන්නවා ගත්තා.
わたしは先生に本をかしていただきました。
මම ගුරුතුමාගෙන් පොතක් ණයට ලබාගත්තා.