මෙය の භාවිත කොට ක්‍රියාපද නාමපද බවට පත්කරන තවත් එක් යෙදුමකි. මෙහිදි を වලට පිටුපසින් යෙදෙන ක්‍රියාපද ලෙස 待つ (බලා සිටීම), てつだう (උපකාර කිරීම), やめる (නවතා දැමීම) යනාදිය දැක්විය හැක.
星が光っているのが見えます。
තරු බැබළෙමින් තිබෙනවා පෙනෙනවා.
子どもたちがさわいでいるのが聞こえました。
ළමුන් කෑගසමින් සිටිනවා ඇසුණා.
学生たちは、手紙が来るのを待っています。
සිසුන් ලිපියෙහි පැමිණීම බලා සිටිනවා.
Lesson 19-8「兄が本を買ったのはしぶやです。」
අයියා පොත මිලදී ගත්තේ ශිබුයාහිදීය.
Lesson 21-6「毎日じゅぎょうの予習をするのは大変です。」
දිනපතා පාඩම් වලට සූදානම් වීම දුෂ්කරයි.
මෙහි භාවිත වන "の" සමඟ "こと" හුවමාරු කල නොහැක.