මෙහිදී から මඟින් N2 ගමන් අරඹන ලක්ෂය පෙන්වා දේ. භාවිත වන ක්‍රියාපද ලෙස "පිටතට දැමීම", "ගැනීම" යනාදිය දැක්විය හැක.
わたしは あの はこから カードを だしました。
මම අර පෙට්ටියෙන් කාඩ් පතක් එලියට ගත්තා.
その たなから テープを とって ください。
කරුණාකර ඔය තට්ටුවෙන් ටේප් එක ගන්න.
Lesson 11-3「ちかてつから バスに のりかえます」
උමං දුම්රියේ සිට බසයට මාරු වෙනවා.