見える (පෙනෙනවා), きこえる (ඇසෙනවා) යනු යමක් බාධාවකින් තොරව කථානායකයාගේ දර්ශනයට හසුවීම හා සවනට වැකීම අර්ථවත් කරනු ලබන, අචේතනික ක්‍රියාපදයන් වේ.
山の 上から 海が 見えます。
කඳු මුදුනේ සිට මුහුද පෙනෙනවා.
きょうしつから 運動場が 見えます。
පන්තිකාමරයේ සිට ක්‍රීඩා පිටිය පෙනෙනවා.
となりの へやから マナさんの 声が きこえます。
එහා කාමරයේ සිට මනා සන්ගේ හඬ ඇසෙනවා.
自動車の はしる 音が きこえます。
වාහන දුවන ශබ්දය ඇසෙනවා.
えいせいほうそうで 世界中の ニュースが すぐに 見られます。
චන්ද්‍රිකා තාක්ෂණ ප්‍රචාරණය මඟින් මුළු ලෝකයේම පුවත් එසැණින් බැලිය හැකියි.
日本語の べんきょうを はじめてから 一年 たちました。日本語の ニュースが きけるように なりました。
ජපන් භාෂාව ඉගෙනීම ආරම්භ කොට වසරක් ගත වුනා. දැන් ජපන් භාෂාවෙන් පුවත් ඇසිය හැකි තත්වයට පත් වුනා
අචේතනික ක්‍රියාපද වන 見える, きこえる යන්න 見る සහ きく යන්නෙහි හැකියාවන් හැඟවීමේ ස්වරූපයන් වන 見られる හා きける සමඟ පටලවා නොගැනීමට වගබලා ගන්න.