සකර්මක ක්‍රියාපද て ස්වරූපයට හරවා, ගමන් කිරීම හඟවන ක්‍රියාපද වන 来る(ඒම), 行く(යෑම), かえる(නැවත ඒම) යනාදියෙහි ඉදිරියට යෙදීමෙන්, අදාල ක්‍රියාව, ගමන් කිරීමට පෙර සිදුවන බව පෙන්වා දේ. මෙම වාක්‍ය රටාව ඉහත වාක්‍ය රටාව හා සමාන වේ.
アリさんは 国で 日本語を ならって 来ました。
අලි සන් සිය රටේදී ජපන් භාෂාව ඉගෙනගෙන පැමිණියේය.
わたしは 日本で おみやげを 買って かえります。
මම ජපානයෙන් සිහිවටනයක් මිලදීගෙන නැවත පැමිණෙන්නෙමි.
ここに にもつを おいて 行きましょう。
මෙතැන බඩු බාහිරාදිය තබා යමු.
Lesson 11-8「日本へ かぞくの しゃしんを もって 来ました。」
ජපානයට පවුලේ පින්තූරයක් රැගෙන ආවා.