ために මඟින් අරමුණ පෙන්වා දේ. V1 යන්න V2 යන්නෙහි අරමුණ වේ. වාක්ය අවසානය සඳහා ~てください, ~なさい, ~ています, ~たほうがいいです, ~なければなりません යනාදී විවිධ වූ වාක්ය රටා යෙදේ
統計の資料を作るために、買いました。
සංඛ්යානමය දත්ත සෑදීම සඳහා මිලදී ගත්තා.
サングラスは、目をまもるために、使います。
අව්කණ්ණාඩි දෑස් ආරක්ෂා කරගැනීම සඳහා භාවිත කරයි.