සංවාදයක් තුල නාමපදය 2 කුමක් හඟවන්නේ දැයි එකිනෙකා දැන සිටින විටදී, එම පදය ලොප් කල හැක. සාමාන්‍යයෙන්, අයිතිය හඟවන の නිපාතය භාවිත කිරීමෙන් ලොප් කිරීම කලද, නාමපදය 2 පුද්ගලයෙක් වේ නම් ලොප් කල නොහැක.
තනකා ගුරුවරයා මගේ ගුරුවරයා වේ.
その じてんしゃは だれの じてんしゃですか。
ඔය පාපැදිය කාගේ පාපැදියද?
→その じてんしゃは だれのですか。
ඔය පාපැදිය කාගේද?
この じてんしゃは わたしの じてんしゃです。
මේ පාපැදිය මගේ පාපැදියයි.
→この じてんしゃは わたしのです。
මේ පාපැදිය මගේයි.
これは マナさんのでは ありません。
මේක මනා සන්ගේ නොවේ.