මෙමඟින් සමාන වටිනාකමකින් යුතු දෑ එක් වාක්‍යකින් ප්‍රකාශ කල හැකි ආකාරය පෙන්වා දේ. වාක්‍යය දෙකකින් ප්‍රකාශ කිරීමේදී, ඉහත それに (Lesson 18-13-1) භාවිත කරනු ලබයි.
わたしは 寒気も するし、はき気も します。
මාව සීතලට වෙව්ලනවා, ඔක්කාරයටත් එනවා.
この スープは おいしいし、えいようも あります。
මේ සුප් එක රසයි, පෝෂ්‍ය පදාර්ථත් තිබෙනවා.
この 仕事は らくだし、たのしいです。
මේ රැකියාව පහසුයි, විනෝදජනකයි.
Lesson 9-4「この 仕事は たいへんですが、おもしろいです。」
මේ රැකියාව අපහසු වුවත්, රසවත්ය.