මෙය සන්සන්දනය කිරීම සඳහා වූ යෙදුමකි. මෙහිදි N1 යන්න මාතෘකාව සේ සලකා, එය N2 හා සන්සන්දනය කලවිට කෙසේවේදැයි පෙන්වා දේ.
象は 牛より 大きいです。
අලියා ගවයාට වඩා විශාල වේ.
ぎゅうにゅうは こうちゃより えいようが あります。
එළකිරි තේ වලට වඩා පෝෂ්‍යදායී වේ.
東京は おおさかより 人口が 多いです。
තෝක්යෝව ඕසකා වලට වඩා ජනගහනයෙන් වැඩිය.
マナさんは わたしより 上手に ギターが ひけます。
මනා සන්ට මට වඩා දක්ෂ ලෙස ගිටාර් වාදනය කල හැකිය.