①ප්‍රශ්නාර්ථ පද යොදාගනිමින් සාදනු ලබන ප්‍රශ්නාර්ථ වැකි සඳහා わかりません (නොදනී), おしえてください (කරුණාකර කියා දෙන්න), ききました (ඇසුවා), 知っていますか (දන්නවාද) යනාදී යෙදුම් එකතු කර වාක්‍ය සාදන ආකාරය මෙහිදී පෙන්වා දේ.
මෙහිදී ක්‍රියාපද සාමාන්‍ය ස්වරූපයෙන් තිබිය යුතුය. ප්‍රශ්නාර්ථ පද ලෙස いつ (කවදාද), どこ (කොහේද), だれ (කවුද), なに (කුමක්ද), いくら (කීයද), どちら (කුමන දිසාවේද) දැක්විය හැක.
②එසේම ප්‍රශ්නාර්ථ පදය පිටුපසට か නිපාතය යොදා いつか知っていますか (කවදාද දන්නවද?), どこかわかりません (කොතැනද දන්නේ නැහැ) යනාදී ලෙස කෙටියෙන් ඉදිරිපත් කල හැක.
パーティーは 何時に はじまりますか。(時間を)おしえて ください。
සාදය කීයටද පටන්ගන්නේ? කරුණාකර (වෙලාව) කියන්න.
→パーティーは 何時に はじまるか、(時間を)おしえて ください。
සාදය පටන්ගන්නේ කීයටදැයි, කරුණාකර කියන්න.
この けんは いくらですか。 父に ねだんを ききました。
මේ ටිකට් පත කීයද? තාත්තාගෙන් මිල ඇසුවා.
→この けんは いくらか、 父に(ねだんを)ききました。
මේ ටිකට් පත කීයදැයි, තාත්තාගෙන් (මිල) ඇසුවා.