Vてきた යන්න යම් ක්‍රියාවක් හෝ සංසිද්ධියක් අතීතයේ සිට වර්තමානය දක්වා නොකඩවා සිදු වෙමින් පැමිණි බව පෙන්වා දේ.
අනෙක් අතට, Vていく යන්න යම් ක්‍රියාවක් හෝ සංසිද්ධියක් වර්තමානයේ සිට අනාගතය දක්වා සිදුකරගෙන යන බව පෙන්වා දේ. මෙහිදී විපර්යාසයන් හඟවන ක්‍රියාපද වන 進む (සංවර්ධනය වීම), 減る (පහල බැසීම), 向上する (දියුණුවීම) යනාදිය මේ සමඟ බහුලව භාවිතා වේ.
カメラの技術はずいぶん進んできました。
කැමරා වල තාක්ෂණය අතිශයින් සංවර්ධනය වී පැමිණියා.
科学はこれからも進歩していくでしょう。
විද්‍යාව මින් ඉදිරියටත් දියුණු වෙමින් යාවි.
Lesson 17-6「犬がこちらへ走って来ます。」
බල්ලෙකු මේ දෙසට දිව එයි.
Lesson 17-6「アリさんは国で日本語を習って来ました。」
අලි සන් සිය රටේදී ජපන් භාෂාව ඉගෙනගෙන පැමිණියේය.